වැසි තත්ත්වය දිගටම පවතී


ඉදිරි දින කිහිපයේදී දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි හෝ සිහින් වැසි අපේක්ෂා කළ හැක.

එමෙන්ම, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30 - 40 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments