ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති අතර මෙම වර්ජනය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් ද අවලංගු කර තිබෙනවා.
මෙම වර්ජනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම්වලට අමාත්‍ය මට්ටමින් ප්‍රතිචාර ලැබී තිබියදීත් මෙවැනි වර්ජනයකට යොමුවී ජනතාව අපහසුතාවට පත්කිරීම අසාධාරණ බවයි.
0 Comments