වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවයි

 


අලුතින් ලියාපදිංචි කරන ලද වාහන සඳහා නිකුත් කරන අංක තහඩු මුද්‍රණය කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

අංක තහඩු මුද්‍රණය සඳහා භාවිත කරන තහඩු හිඟය හේතුවෙන් අප්‍රේල් (28) සිට එය අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් ලියාපදිංචි වාහන සඳහා අංකය එහි හිමිකරුට ලබාදෙන අතර එය පිටපත් කර ප්‍රදර්ශනය කිරීමට හිමිකරුට අවස්ථාව හිමිවන බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments