සෙව්වන්දි ඩුබායි වලින් මතු වෙයි ?




පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව පසුගිය දිනකදී අලුත්කඩේ උසාවි සංකීර්ණය තුලදී ඝාතනය කිරීම සදහා ගිණි අවිය උසාවි සංකීර්ණය තුලට ගෙන යාමට සැක පිට ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව සොයා ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙහෙයුම් දියත්කොට තිබිණිඝාතනය සිදු වී මාස හතරකට ආසන්න කාලයක් ගත වුවද මේ වනතුරු මෙම කාන්තාව පිළිබද හරිහමන් තොරතුරක් සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය අපොහොසත් වී තිබේ

මෙවන් පසුබිමක ජුනි මස 15 වන දින නිකුත් කිරීමට නියමිත “දිවයින” පුවත්පතේ පහත සදහන් ශීර්ෂපාඨ යටතේ ලිපියක් ඵලකොට තිබිණ.


රටම කතා කල ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්නේ මෙහෙමයි” 



එම ශිර්ෂපාඨ යටතේ පලවූ ලිපිය පහතින් උපුටා දක්වන්නෙමු


උපුටාගැනීම :


               ඉෂාරා සෙව්වන්දි පිළිබඳව රටම කතා කිරිමට පටන් ගත්තේ  සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජිවඝාතනය කිරීම සඳහා භාවිතා කළ ගිනි අවිය 

අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළට ගෙන යෑමේ ආන්දෝලනාත්මක  සිද්ධියත් සමඟයි


ඉන්පසු  ශ්‍රී ලංකා පොලීසිය ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා  මෙහෙයුම් සිදු කළේයඑම පොලිස් නිලධාරින් ඇය සැඟවී ඇතැයි සැක කළ ස්ථාන  දෙසීයක් පමණ සෝදිසි කළේයඑහෙත් ඉෂාරා සෙව්වන්දි නැමැතිසැකකාරිය  සොයා ගැනිමට නොහැකි ව්ය


    ඇය පිළිබඳව ඔවුන් සොයා ගත් එකම තොරතුර වූයේ කළුතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් රත්තරන් භාන්ඩමිලදීගෙන ඇති බව පමණිඑහෙත් දන්නා තරමින් ඇය එලෙස ස්වර්ණාභරණ මිලදිගෙන තිබුණේ නැතඑහි සිටින්නේ ඉෂාරාසෙව්වන්දිද  සමාන රැවක් ඇති වෙනත් කාන්තාවක්ද යන්න පිළිබඳව යළි පරික්ෂණ සිදු කළ යුතුය.


         එලෙසම ඉෂාරා සෙව්වන්දි පිළිබඳ සත්‍ය තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ දොළහක  මුදල්  පරිත්‍යාගයක්කිරීමටද  ශ්‍රී ලංකා පොලිසිය පියවර ගත්තේයඑහෙත් ඇය ගැන කිසිදු තොරතුරක් නොලැබුණී


    තවද ඉෂාරා සෙව්වන්දි ගේ මවසහෝදරයා පමණක් නොව ඇය  උදව් උපකාර කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පවාඅත්අඩංගුවට ගත්තත් මෙම සැකකාරිය පිළබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට නොහැකි විය


      ඒම කාල වකනානුවේ: " කිසියම් පාතාල කල්ලියක් විසින්  ඇයව ඝාතනය කර ⁣ 

සිරැර කිසිවෙකුටත් සොයා ගැනීමට 

නොහැකි වන ලෙස වල දමා ඇති බවට රාවයක් පැතිරුණිතව පිරිසක් පැවසුවේ ඇය හොර රහසේම විදෙස් රටකට පැන ඇතිබවයිඑහෙත්  පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට නොහැකි වියපසුව කාලයත් සමඟ රටම කතා කළ ඉෂාරා සෙව්වන්දි  ගැන ජනතාවට පමණක් නොව ශ්‍රී ලංකා පොලිසියට පවා අමතක විය


         එලෙස රටම කතා කළ ඉෂාරා සෙව්වන්දි

 නැමැති සැකකාරිය දැනට දින කිහිපයකට ඉහතදී ඉතාමත් සුක්ෂම අකාරයට ඩුබායි රාජ්‍යය වෙත පැන ගොස් තිබේඇයවඑලෙස ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීම සඳහා සියලු උදව් උපකාර කර ඇත්තේ ණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකරුවන කෙහෙල්බද්දර පත්මේ විසිනි.


    සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුවන  කෙහෙල්බද්දර පත්මේ ගණේමුල්ල සංජීව සමඟ සිටියේ දැඩි වෛරයකිණිඑයටප්‍රධාන හේතුව වුයේ ගනේ මුල්ල සංජීව කෙහෙල්බද්දර පත්මේගේ පියාවන නෙවිල් පෙරේරා ඝාතනය කිරීමයි


     කෙහෙල්බද්දර පත්මේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට වසරකට පෙර ඩුබායි රාජ්‍යයේ සිට පළමුවරට  මෙම ලියුම්කරුසමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා  දිවයින ඉරිදා  සංග්‍රහය    පැවසුවේ " ගණේමුල්ල සංජීව කොහේ හිටයත් කවද හරි මැරුම්කන්නේ මගෙන් කියාය."  


 සමඟම  වැඩිදුරටත් ඔහු පැවසුවේ

 " සංජීව කිසි වරදක් නැති මගේ තාත්තාව නිරපරාදේ මැරැවාඒකෙ පලිය ගන්න තමයි මම පාතාලයට සම්බන්ධ වුණේකවදාවත් සංජීවට මගෙන් ගැලවීමක් නෑහැමොන ලෝකෙක හිටියත් මම ඕකට ජිවත්වෙලා ඉන්න ඉඩ තියන්නේ නැහැකවදහරිඕකා මගෙන් තමයි මැරැම් කන්නේ."


      ප්‍රසිද්ධියේ එලෙස පවසා සිටි පත්මේ ඉන් වසරකට පසු කොමාණ්ඩෝ  සලින්ත  ඇතුළු පිරිසක් සමඟ මනා ලෙස සැලසුම් කරඅලුත් කඩේ උසාවි සංකීර්ණය තුළදී ගණේමුල්ල  සංජීව  ඉතාමත් සුක්ෂම අයුරින් ඝාතනය ළේයඑම ඝාතන සැලසුමේ ඉෂාරාසෙව්වන්දි  ප්‍රබල චරිතයක් විය.


     කෙහෙල්බද්දර පත්මේගේ සැලසුමට අනුව කිසිදු බියක් සැකක් නොමැතිව නීතිඥවරියක් වෙසින් වෙස් වලාගෙන තවත්දරැණුගනයේ  පාතාල නායකයකුවු ගණේමුල්ල සංජීවට වෙඩිතැබීම සඳහා අවශ්‍ය ගිනි අවිය වෙඩික්කරු වෙත ලබාදීම සඳහාඋසාවිය ඇතුළට රැගෙන ගියේ ඇයයිමෙය මෙරට පාතාල ලෝකයේ අපරාධයක් සිදු කිරීම සඳහා ප්‍රසිද්ධියේ  කාන්තාවක්  සහභාගි වූ පළමු අවස්ථාව ලෙසද සැලකිය හැකියමෙයට පෙර කාන්තාවන් පාතාල සාමාජිකයන් සමඟ අපරාධ සඳහා සම්බන්ධවුවත් මෙලෙස සෘජුවම සම්බන්ධවී නොතිබුණි.


       ගණේමුල්ල සංජීව ඝාතනය සැලවී පැය කිහිපයක් ගතවීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි  පිළිබඳව රටම දැන ගත්තේයසමඟම  ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළත් අද වනතුරුත් ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකිව්යඑලෙස  කලක් ගත වීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි ගැන මතකය පවා අමතක වියඑහෙත් මෙම ලියුම්කරුට ඉෂාරා සෙව්වන්දි  මෙරට සැඟවී සිටි ස්ථාන සහ මෙරටින් පැනගිය ආකාරය පිළිබඳ තොරතුරැ දැන ගන්නට ලැබුණිපහතින් පෙළ ගැසෙන්නේ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි


      සංජීව ඝාතනයෙන් පසු  ඉෂාරා සෙව්වන්දි ත්‍රී  රොද රථවලින් පානදුරට ,කඑතරට සහ මතුගමට පැමීණ තිබේ  සදහා දැනටඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින නිලංගගේ අනු දැනුම ඇතිව ඔහුගේ ගෝලබාලයින් උදව්කර තිබේවිටින්විට ත්‍රී රෝද රථ මාරැ කරතිබුණු අතර මතුගම සිට තිනියාවළට ඇය ගොස් තිබුණේ පොලිස් නිලධාරියෙකු සමඟයි.


     මතුගම සිට සෙව්වන්දිව රැගෙන ගොස් උදව් උපකාර කර තිබුණේ කෙහෙල්බද්දර පත්මේ ගේ සල්ලි වලට යටවූ  පොලිස්නිලධාරියෙකිඉන් පසු එම  පොලිස්  නිලධාරියා ඉෂාරා සෙව්වන්දිව තිනියාවල ප්‍රදේශයේ තමා අනියම් සම්බන්ධතාවයක්පවත්වාගෙන යන කාන්තාවකගේ නිවසේ සඟවා තිබුණි


      පොලිසිය රට පුරා මෙහෙයුම් දියත් කර සෙව්වන්දිව සොයන අතර තුර ඇය කිසිදු  බාධාවක් නොමැතිව එම නිවසේ රැඳීසිටියාය.නිවස තුළම සැඟවී සිටි  ඇයට අවශ්‍ය සියලුම දේ සපයා තිබුණේ එම පොලිස් නිලධාරියා සහ ඔහු සමග අනියම්සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාව විසින්ය


    මෙම කාලය අතර තුර කෙහෙල්බද්දර පත්මේ ඇයව ඉන්දියාව වෙත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරතිබුණි


 සඳහා තවත් පාතාල නායකයින් කිහිපදෙනෙකුගේ උදව් උපකාරද  ඔහු ලබා ගත්තේය.


    ඉන්දියාවට පලා යෑම සඳහා සියල්ල සූදානම් කර තිබුණත් සෙව්වන්දිව එලියට ගැනීම මහත් ගැටලුවක් විය එම කාලවකවානුව වනවිට රට පුරාම පොලිස් මෙහෙයුම් යොදවා ඇයව සොයනා නිසාවෙනිඑම නිසා පත්මේ විසින් එම පොලිස්නිලධාරියට පවසා තිබුණේ  එම උණුසුම නිවෙන තෙක්  ඇය එම නිවසේම සඟවා තබන ලෙසයි අනුව ඇයට තවත් කලක් එමනිවසේ සැඟවී සිටිමට සිදුවිය

    තවත් සති කිහිපයක් ගතවියසෙව්වන්දි ගැන තිබූ උණුසුම අඩුවන්නට පටන් ගත් අතර එයින් ප්‍රයෝජන ගත් පත්මේ තමසැලසුම  ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය


        පත්මේ විසින් සැලසුම් කර තිබුණේ සෙව්වන්දිව  බලපිටිය  ප්‍රදේශයෙන් බොට්ටුවකට නංවා ඉන්දියාව වෙත රැගෙන  ඒමටයි සඳහා අවශ්‍ය සියලු කටයුතු ඔහු සූදානම් කර තිබුණි


      පසුගිය අප්‍රේල් මස දාහතර සහ විසි වැනිදා  අතර දිනයක් තුළ සෙව්වන්දිට රැකවරණය ලබා දුන් පොලිස් නිලධාරියා විසින්පත්මේගේ සැලසුමට අනුව ඇයව බලපිටිය ප්‍රදේශයේ අදාළ ස්ථානය වෙත  රැගෙන ගොස් තිබුණි  සඳහා එම පොලිස්නිලධාරියාට පත්මේ විසින් ලක්ෂ ගණන් මුදල් ලබාදි තිබුණි


    අදාළ ස්ථානය වෙත ඉතා නිරුපද්‍රිතව පැමිණි පසු සෙව්වන්දි අදාල යාත්‍රාවට නැග ඉන්දියාව බලා පිටත් වියඑලෙස ඉන්දියාවටපැමිණි ඇය සති කිහිපයක් එහි ගත කළාය


     ඉන්දියාවට ගිය පසු සෙව්වන්දි ඉන්දීය කාන්තාවකිඇයට වෙනම නමක්නිවසක් දෙමාපියන් , සහෝදර සහොදරියන් පමණක්නොව ඉන්දිය රජයෙන් නිකුත් කළ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් පවා ලැබුණිමේ සියල්ල පත්මේ ඉන්දියන් පාතාල සාමාජිකයින්සහ ජාවාරකරැවම්  සමඟ සම්බන්ධවී සැලසුම් කර තබුණි.


      ඉන්දියාව මෙරටත් වඩා දූෂිත රාජ්‍යයකිමුදල් යහමින් තිබෙනවා නම් ඉන්දියාවට පැනගිය පසු කළ නොහැක්කක් නොමැතමෙරට නමගිය  පාතාල අපරාධකරැවන් රැසක් වෙනත් විදේශ රටවලට පැන ගත්තේ පළමුව ඉන්දියාවට ගොසින්ය.


    ඉන්දියාවේ ජාවාරම්කරුවෝ  වෙනත් රටවල අපරාධකරුවන් එම රටේ  පුද්ගලයින් ලෙස පෙන්වා විදේශ ගුවන් ගමන් බලපත්‍රපමණක් නොව අවශ්‍ය නම් දෙමාපියන්සහෝදර සහෝදරියන් , ඉගෙන ගත් පාසලඅධ්‍යාපන සහතික ආදී ඕනම දෙයක් සකසාදෙති සඳහා විශාල මුදලක් ඔවුහු අය කරති


ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනගොස්  වෙනස් වුයේ එලෙසින්ය

    ඉන්දියාවෙ වැඩ කටයුතු අවසන්වු පසු  නේපාලයට පැන ගත් සෙව්වන්දි සති කිහිපයක් එහි ගත කළාය අතර අවස්ථාදෙකකදී ඩුබායි රාජ්‍ය වෙත යෑමට උත්සාහ කළත් එය අසාර්ථක වියඑහෙත් උත්සහය අත් නොහැරපු පත්මේ විසින් දැනටසතියකට ඉහතදී ඇයව ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වාගෙන තිබේ අනුව දැන් ඇය ඩුබායි රාජ්‍යයේ ආරක්ෂිත ස්ථානයක සැඟවීසිටී


      ආරක්ෂක අංශවල ඇස් වලට වැලි ගසමින් ඉතා සූක්ෂම ලෙස ඩුබායි රාජ්‍ය වෙත පැන ගිය ඇයව අත්අඩංගුවට ගැනීම ⁣දැන්ලෙහෙසි කටයුක්තක් නොවනු ඇතඇය තිනියාවල ප්‍රදේශයේ නිවසක පොලිස් නිලධාරියකුගේ උදව් උපකාර  මත සැඟවි සිටි ඇතිබවත් බලපිටිය ප්‍රදේශයෙන් ඉන්දියාවට පැනගොස් ඉන් පසු ඩුබායි රාජ්‍ය වෙත පැන ගොස් තිබේ


   මෙරට  ආරක්ෂක අංශ  ඉෂාරා සෙව්වන්දි  පිළිබඳ  සිදුකරන පරික්ෂණ වලදී   මෙම තොරතුරැ වලද වැදගත්‍ කමක් තිබෙනුඇතැයි අපි සිතන්නේමු.”


උපුටාගැනීම අවසන් 

Post a Comment

0 Comments