එයාර් ඉන්දියා මගී ගුවන් යානයක් පුද්ගලයින් 242 දෙනෙකු සමඟ බටහිර ඉන්දියාවේ අහමදාබාද් නගරයේ ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී සුළු වේලාවකට පසු කඩා වැටී තිබේ.

අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා වූ AI171 ගුවන් යානය ගුවන්ගත වී ටික වේලාවකට පසු කඩා වැටී ඇති බව එයාර් ඉන්දියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 242 ක් සිටි අතර, ඉන් ඉන්දියානුවන් 169 ක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක් ඇත. පෘතුගීසි ජාතිකයින් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු ද යානයේ සිටි බව ගුවන් සමාගම පවසයි.

තුවාලකරුවන් අවට රෝහල් වෙත රැගෙන යමින් සිටින බව ද එහි වැඩිදුරටත් සඳහන්.