ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වැල්ලවත්ත හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් ළඟ තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

මෙම ගිනි අවිය හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට අයත් එකක් බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.