ජුනි 01 වැනිදා සිට යුරෝපා සංගමයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා නව බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
ඒ අනුව සුඛෝපභෝගී නිෂ්පාදන, ඖෂධ ඇතුළු තවත් නිෂ්පාදන රැසකට 50%ක බද්දක් පැනවීමට නියමිත බව සඳහන්.
එමෙන්ම ඇමරිකාවේ නිෂ්පාදනය නොකර ඇමරිකාවට ආනයනය කරන iPhone සඳහා 25%ක බද්දක් පැනවීමටද ඔහු පියවර ගෙන තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ යුරෝපා සංගමය පිහිටුවනු ලැබුවේ ඇමරිකාවට වෙළඳාමෙන් ප්‍රතිලාභ ලබා දීම සඳහා බවයි.
0 Comments