නව කොවිඩ් ප්‍රභේදයක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ පවසනවා


COVID-19 හි නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බවත්, එබැවින් අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

COVID-19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කිරීම ඇතුළත් ‘ඒකාබද්ධ ශ්වසන නිරීක්ෂණ’ රට පුරා තෝරාගත් රෝහල්වල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම නිරීක්ෂණ මත පදනම්ව වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළේ දැනට COVID-19 රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් නොමැති බවයි.

ඇතිවිය හැකි ඕනෑම වසංගත තත්ත්වයකට මුහුණ දීම සඳහා රෝහල් පද්ධතියේ සූදානම ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සහතික කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Post a Comment

0 Comments